fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාඨලීට එරෙහි නඩුව අගොස්තු 31 කැඳවයි

ITN News Editor
By ITN News Editor ජූලි 18, 2022 15:05

පාඨලීට එරෙහි නඩුව අගොස්තු 31 කැඳවයි

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහි නඩුව අගොස්තු මස තිස් එක් වෙනිදා කැඳවන ලෙස කොළඹ මහ අධිකරණය අද නියම කළා.

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී අපරික්ෂාකාරී ලෙස රිය පදවා තරුණයෙකු අනතුරට ලක් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව නඩුවක් ගොනුකර තිබුණා. එම නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට මතුකර ඇති මූලික විරෝධතා පිළිබද කරුණු දැක්වීම සදහා එම නඩුව අගෝස්තු තිස් එක් වෙනිදා කැඳවන ලෙසයි කොළඹ මහ අධිකරණය අද නියම කළේ. අදාල මූලික විරෝධතා එදිනට ඉදිරිපත් කරන ලෙස ද විනිසුරුවරයා විත්තියේ නීතිඥවරුන්ට නියෝග කලා. වර්තමානයේ රට තුළ ඇති වාතාවරණය මත විත්තිකාර පාඨලී චම්පික රණවක මහතා මීලඟ දින අධිකරණය හමුවේ පෙනී සිටීම අවශ්‍ය නොවන බවත් විනිසුරුවරයා ප්‍රකාශ කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 18, 2022 15:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්