මියන්මාර හමුදා නායකයා රුසියාවේ සංචාරයකට සූදානම්
Related Articles
මියන්මාර හමුදා නායකයා රුසියාවේ සංචාරයක නිරතවීමට නියමිතයි.
මියන්මාර හමුදා නායක ජෙනරාල් මින් අවුන් හ්ලෙන්ග් මෙම රුසියානු සංචාරයේ නිරතවීමට නියමිතයි. මියන්මාර හමුදා නායකයා රුසියාවේ දී මිලිටරි සබදතා සම්බන්ධයෙන් සහ අවි ආයුධ මිලදී ගැනීම සහ න්‍යෂ්ටික බලශක්තිය ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇති. මියන්මාර හමුදා නායකයා වසරකට පෙරත් මේ ආකාරයෙන්ම රුසියාවේ සංචාරයක නිරත වුණා. මියන්මාරයේ දැනට පවතින්නේ හමුදා පාලනයක් වන අතර ඔවුන් කුමන්ත්‍රණයක් මගින් 2021 දී බලය ලබාගත්තා.