සංවර්ධනය වෙමින් පවතින රටවල් සදහා ශක්තිමත් ප්‍රතිපත්තිමය මැදිහත්වීමක් අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ශ්‍රී ලංකාව එම අනතුරු ඇඟවීමේ ප්‍රධාන ස්ථානයක් ලෙස පෙන්වා දිය හැකි බව එම අරමුදල පෙන්වා දෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියාවා සදහන් කරන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකය කඩා වැටීමේ අවදානමකට ලක්ව ඇති බවයි. ශ්‍රී ලංකාව ඊට හොඳම උදාහරණයක් බවයි ඇය පෙන්වා දෙන්නේ. රුසියා යුක්රේන යුද්ධය සමඟ ලෝක ආහාර හා භාණ්ඩ මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර ගෝලීය මූල්‍ය තත්ත්වය දැඩි අර්බුදයකට ලක්ව ඇති බව ඇය පෙන්වා දෙනවා. මෙම තත්ත්වය හමුවේ සංවර්ධනය වෙමින් පවතින රටවලට ශක්තිමත් ප්‍රතිපත්තිමය මැදිහත්වීමක් අවශ්‍ය බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය සදහන් කරන්නේ.