සීගිරිය කුඹුක්කදන්වල ප්‍රදේශයේ දුන්නබිදුනුවැවේ දිය නෑමට ගොස් සිටියදී කිඹුලෙකුගේ ග්‍රහණයකට හසුවී අතුරුදන්වූ හත් හැවිරිදි පිරිමි දරුවාගේ සිරුර සොයාගෙන තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්වුණේ දඹුල්ල කණ්ඩලම ඩී එස් සේනානායක ප්‍රාථමික විද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලැබූ චනුද් බඹසර අබේරත්න සිසුවායි. ඔහු සිය මව පියා සහ සහෝදරිය සමග දිය නෑමට ගොස් සිටියදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.
මියගිය දරුවාගේ බලකිරීමට මත මෙම වැවෙන් දිය නෑමට ගොස් තිබෙනවා. බාල්දියක ආධාරයෙන් ගලක් මත සිට දිය නාමින් සිටියදී එකවරම පැමිණි කිඹුලා දරුවා දියට ඇදගෙන ගොස් තිබෙනවා. සිය පුතුගේ අතින් අල්ලාගනිමින් ඔහු බේරාගැනීමට පියා උත්සාහ කළද එය අසාර්ථක වුණා.
දරුවා අතුරුදන් වූ ඊයේ දහවල් කාලයේ සිට අද උදෑසන දක්වා ඔහු සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කළද කිසිදු තොරතුරක් දැනගැනීමට හැකිවූයේ නැහැ. ඊයේ රාත්‍රියේද අලි වෙඩි හා රතිඤ්ඤා දල්වමින් වැවේ සිටි කිඹුලන් එළවීමට උත්සාහ කළද සාර්ථක ප්‍රථිපල අත්වූයේ නැහැ.
නාවික හමුදාවේ කිමිදුම්කරුවන් පැමිණ සිරුර සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කළා. කෙසේ වුවද අද උදෑසන 10.30ට පමණ චන්ද්ගේ නිසල දේහය වැව්ජලයේ උඩට මතුවී තිබෙනවා. කිඹුලන් සිටින ජලාශ සහ ගංගාවල දිය නෑමේදී හෝ දියට බැසීමේදී වඩා සැලකිලිමත් වන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.