දෙවන ලෝක යුද සමයේ නාසි හමුදාවලට සම්බන්ධ කණ්ඩායම පවත්වාගෙන ගිය වද කදවුරක තිබූ මිනිස් ශරීරවල අළු ගොඩ ගැනීමට පෝලන්ත පර්යේෂකයින් කණ්ඩාමක් කටයුතු කර තිබෙනවා.
දෙවන ලෝක යුද්ධය සමයේ වද බන්ධනයට ලක්ව ඝාතනයට ලක් වූ 8000 ක පමණ භෂ්මාවෂේෂ මෙම ස්ථානයේ තිබූ බවයි පෝලන්තයේ ජාතික ස්මරණආයතනය සදහන් කළේ.
ඝාතනයට ලක් වූ බොහෝ දෙනෙනු යුදෙව් ජාතිකයන් වනවා. 1939 වසරේදී මෙම වද කදවුර නිර්මාණය කර ඇති අතර එහිදී 30,000 කට වැඩි පිරිසක් ඝාතනයට ලක් වුණා.