නව ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය ලබාගත් පළමු පූර්ණ වර්ණ ඡායාරූපය අද මාධ්‍යයට නිකුත් කෙරුණා.
නව ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයෙන් ලබාගත් මෙම ඡායාරූපය මෙතෙක් විශ්වයේ ලබාගත් ගැඹුරුම හා සවිස්තරාත්මක අදෝරක්ත කිරන ඡායාරූපය බව විශ්ලේෂකයින් පවසනවා. වසර බිලියන ගණනකට එපිට මන්දාකිනි පිළිබදව සවිස්තරාත්මක කරුණු අධ්‍යයනයක් සදහා මෙය උපකාරී වනු ඇති බවටයි නාසා ආයතනය මත පළකරන්නේ. පසුගිය වසරේ දෙසැම්බර් 25 වන දින අභ්‍යවකාශ දුරේක්ෂය කක්ෂගත කෙරුණේ එතෙක් කල් අභ්‍යවකාශ ඡායාරූප ලබාදුන් හබල් අභ්‍යවකාශ දුරේක්ෂයේ සේවා කාලය අවසන්වීම හේතුවෙන්. ඒ සදහා ඇමෙරිකා ඩොලර් බිලියන 10 ක පිරිවැයක් දරා තිබෙනවා. මීට වසර බිලියන 13.5 කට ඉහත විශ්වයේ පළමු තාරකාවල ඡායාරූප ලබාගැනීම ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයෙන් බලාපොරොත්තු වන බවයි නාසා ආයතනය සදහන් කරන්නේ. එමෙන්ම විශ්වයේ වාසයට සුදුසු වෙනත් ග්‍රහලේක පිළිබද අධ්‍යනය කිරීම ද එමගින් සිදුවනවා.