ජර්මනිය ගෑස් අර්බුදයකට මුහුණ පා තිබෙන බව වාර්තා වෙනවා.
රුසියාවේ සිට ජර්මනියට ගෑස් ලබා දෙන නෝඩ් ස්ට්‍රීම් නලමාර්ය දින දහයකට නඩත්තු කිරීම් කටයුතු සඳහා නවතා තිබෙනවා. මේ අතර රුසියාව මීට පෙර යුරෝපයට තම ගෑස් සැපයීම සීමා කිරීම සිදු කළා. එළඹෙන සීත ඍතුවේ දී ජර්මනියට ගෑස් හිඟයක් ඇති විය හැකි බව එරට රජය ප්‍රකාශ කර තිබෙනවා. මේ හේතුවෙන් ජර්මනිය පාසල් හා අධ්‍යාපන ආයතන එළඹෙන සීත ඍතුවේ දී වසා දැමීමට මේ වන විට තීරණය කර තිබෙනවා. රුසියාව ගෑස් ආර්ථික අවියක් ලෙස භාවිත කරන බවයි විදෙස් විශ්ලේෂකයන් පවසන්නේ.