පාකිස්ථානයේ ඇති වූ ගංවතුර තත්වය හේතුවෙන් පනස් හත් දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වෙනවා.
පාකිස්ථානයේ බලුකිස්ථාන ප්රාන්තයේ දකුණු දිග ප්රදේශයට බලපා ඇති ගංවතුර තත්වය හේතුවෙන් දහස් ගණනක ජනතාවට උන් හිටි තැන් අහිමිව සිටිනවා. අධික ගංවතුර තත්වය හේතුවෙන් වේලි අටක් විනාශ වී ඇති බව සදහන්. මෝසම් වර්ෂාව නිසා පාකිස්ථානයේ නිරත දිග ප්රදේශයට ද දැඩි හානි සිදු වී ඇති බව වාර්තා වෙනවා.