මෙරට නිෂ්පාදිත බලපත්ර රහිත ගිනි අවි තුනක් සහ බදින තුවක්කු තුනක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිරම්බිඅඩිය සෙල්ලකන්දල් වැව් රක්ෂිතයේ ලදු කැලෑවක සගවා තිබිය දී මෙම ගිනි අවි සොයා ගෙන තිබෙන්නේ. වනජීවී නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව පොලිස් විශේෂ බලකාය වැටලීම සිදු කළා. වනජීවී නිලධාරීන් කළ මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත්තෙ සතුන් දඩයම් කිරීම සදහා ඉතා සූක්ෂම ලෙස මෙරට නිෂ්පාදිත ගිනි අවි සහ බදින තුවක්කු භාවිත කර ඇති බවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් ලබන 18 වන දා පුත්තලම මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.