වත්මන් ආණ්ඩුවට වහාම ඉල්ලා අස්වන ලෙසට බලකරමින් විවිධ ප්රදේශවලින් විරෝධතාකරුවන් අද පෙරවරුවේ සිටම කොළඹට පැමිණෙමින් සිටිනවා. රොද බදිමු පන්නමු යන තේමාව යටතේ විරෝධතාව පැවැත්වෙනවා.
මාතර දුම්රිය ස්ථානයේ සිට කොළඹ බලා අද පෙරවරුවේ පැමිණිමට දුම්රියක් නොමැතිකම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇති වුණා. පොලිස් ඇදිරිනීතිය හේතුවෙන් දුම්රිය ධාවනය නොකරන ලෙසට දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී තිබීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවුනා.
කෙසේ වුවද පොලිස් ඇදිරිනීතිය ඉවත් කිරීමෙන් පසු උදෑසන 8.30ට රුහුණු කුමාරී දුම්රිය මරදාන බලා ගමන් ආරම්භ කළා.
මහනුවර දුම්රිය ස්ථානයේද මෙවැනි තත්ත්වයක් ඇතිවුණා. කොළඹ බලා පැමිණීමට සිටි පිරිස් එම දුම්රිය ස්ථානයේදී විරෝධතාවකද නිරතවුණා. කෙසේ වුවද ඇදිරිනීතිය අවසන් කිරීමෙන් පසු දුම්රිය කොළඹ බලා ගමන් කිරීම සදහා මහනුවර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කළා.
විවිධ ප්රදේශවල සිට දුම්රියෙන් හා බස්රථවලින් විරෝධතාකරුවන් කොළඹ බලා ගමන් ආරම්භ කළේ අද උදෑසන සිටයි
කොළඹ කොටුව අවට ප්රදේශයේ මේ වන විට ආරක්ෂාව තර කර තිබෙනවා. පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, යුද හමුදාව මෙන්ම, කැරළි මර්දන ඒකකය ද ඒ සදහා යොදවා තිබෙනවා.