චීන ආර්ථිකය ක්රමයෙන් යථා තත්ත්වයට පත්වෙයි.චීන ආර්ථකය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව නව සංඛ්යාලේඛනයකින් පිළිබිඹු කෙරේ.
චීන වාණිජ අමාත්යංශය ඊයේ(7) නිකුත් කළ දත්තවලට අනුව, මේ වසරේ මුල් මාස 5 තුළ, චීනයේ සේවා වෙළඳාම අඛණ්ඩව ස්ථාවර වර්ධනයක් පවත්වාගෙන ගොස් ඇති අතර, සමස්ත සේවා ආනයන හා අපනයන වටිනාකම යුවාන් බිලියන 2365 ඉක්මවා ගොස් තිබේ. එම ප්රමාණය පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 22%ක වර්ධනයකි.එසේම සේවා අපනයන වර්ධනය, ආනයනවලට වඩා 8.1%කින් වැඩි වූ අතර, එයින් සේවා වෙළඳ අවපාතය යුවාන් බිලියන 61.78 දක්වා, 46% කින් පහත වැටීම විශේෂත්වයකි. පසුගිය මැයි මාසයේ චීන සේවා ආනයන හා අපනයන සමස්ත වටිනාකම යුවාන් බිලියන 456කට අධික වන අතර, එම ප්රමාණය පසුගිය වසරේ අදාළ කාලසීමාවට වඩා 22.2% ක වර්ධනයක් ද වේ.