ගාල්ල වරාය පොලිස් වසමේ ලාෆ් ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබාගැනීමට පැමිණි දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත් වුණා.සිද්ධියෙන් 04 දෙනෙකු තුවාල ලැබුවා.
මෙම ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබාගැනීම සදහා විශාල පිරිසක් පැමිණ සිටියා ඒ අතරතුරයි දෙපිරිසක් ගැටුමක් ඇති කරගෙන තිබෙන්නේ. ගැටුමෙන් උඩුමුල්ල වත්ත යටගල වංචාවල යන ප්‍රදේශයේ පදිංචි අචිර සාලින්ද නමැති තරුණයෙකු මිය ගියා. වයස අවුරුදු 25 ක් වන ඔහු අසාධ්‍ය තත්ත්වයෙන් කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ අලුයම 1 ට පමණයි මිය ගොස් තිබෙන්නේ. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.වරාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.