fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජෝ බයිඩ්න් සවුදි සංචාරය අතරතුර න්‍යාය පත්‍රය සකස් කර ගැනීම සම්බන්ධයෙන් ගැටලුවක

ITN News Editor
By ITN News Editor ජූලි 7, 2022 17:23

ජෝ බයිඩ්න් සවුදි සංචාරය අතරතුර න්‍යාය පත්‍රය සකස් කර ගැනීම සම්බන්ධයෙන් ගැටලුවක

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් සවුදි අරාබියේ සංචාරය කරන අතරතුරදී සිය න්‍යාය පත්‍රය සකස් කර ගැනීම සම්බන්ධයෙන් ගැටලුවකට මුහුණ පා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇමෙරිකා ජනාධිපතිවරයාගේ සවුදි සංචාරයේදී ඛනිජ තෙල් මිල සම්බන්ධයෙන් මූලික අවධානය යොමු වනු ඇති බවයි විදෙස් විචාරකයන් පවසන්නේ.

ඊශ්‍රායලය, යේමනය මෙන්ම ඉරානය සම්බන්ධයෙන් අනුගමනය කරන විදේශ ප්‍රතිපත්තිය පිළිබදවද ඇමෙරිකා ජනාධිපතිවරයා මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.

සවුදි අරාබිය පසුගිය කාලයේදී මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධ ගැටලුවේදී ජෝ බයිඩ්න් අපහසුතාවට මුහුණ දෙනු ඇති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

ඇමෙරිකා ජනාධිපතිවරයාගේ සංචාරය තුලදී ප්‍රකට ජනමාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවට මානව හිමිකම් ක්‍රීයාකාරිකයන් බලකරමින් සිටිනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 7, 2022 17:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්