වනාතවිල්ලුව සමගිපුර ප්රදේශයේ නිවසක් තුළ බලපත්ර රහිතව නීති විරෝධිව අලෙවිය සඳහා සූදානම් කර තිබූ භූමිතෙල්, ඩීසල්, පෙට්ට්රල් ලීටර් 200ට ආසන්න ප්රමාණයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට වනාතවිල්ලුව පොලිසි සමත් වුණා.
මෙලෙස පොලිස් අත්අඩංගුවට පත් සැකකරු වයස අවුරුදු 19 හැවිරිදි වියේ පසු වූ අයෙකු බවත්, රටේ ඉන්ධන මිළ සූත්රය ඉහළ යාමත් සමග මොහු කාලයක පටන් මෙම ඉන්ධන ගබඩා කිරීම රහසිගතව ආරම්භ කර තිබුණි. ඉන්නධ මිල අධික ලෙස ඉහළ යන අවධියක වැඩි මිලට අලෙවි කිරීම සදහා හොර රහසේ ගබඩා කර තිබියදී වනාතවිල්ලුව පොලිසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබුණි.
නිවසේ කාමරයක් තුළ ඉතා රහසිගත ලෙස සූක්ෂමව අසුරා තිබූ මෙම ඉන්ධන තොගය සමග අදාල සැකකාර තරුණයා අත්අඩංගුවට පත්ව තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු පුත්තලම මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි