පින්නවල අලි සංරක්ෂණාගාරයේ සිටි සම්පත් නැමති ඇතා මියගිය බව පින්නවල නියෝජ්‍ය අධ්‍යක්ෂක නවෝද් අබේසිංහ මහතා පවසනවා. දෙහිවල සත්වෝද්‍යානයේ සිට පින්නවල අලි සංරක්ෂණාගාරය වෙත 2002 දී රැගෙන එනු ලැබු සම්පත් නැමති ඇතා මියයන විට වයස අවුරුදු 77 ක්. මෙම ඇතාගේ දළ යුගලේ දිග අඩි 5ක් පමණ වනවා.
පසුගිය මාස කිහිපය තුල තරමක අසනීප ගතියෙන් සිටි සම්පත් ඇතා පින්නවල පශු වෛද්‍යවරුන්ගේ සහ කාර්ය මණ්ඩලයේ කැපවීම මත සුවය ලබා සිට තිබෙනවා. පෙරේදා දිනයේ ද නහවා සාමාන්‍ය අයුරින් සිටි ඇතා ඊයේ උදේ 7.30 පමණ එක් වරම ඇද වැටි ඇති අතර ඒත් සමගම මිය ගොස් ඇති බවයි අප වාර්තා කරු සඳහන් කළේ. පින්නවල කාර්ය මණ්ඩලය විසින් ප්‍රදේශයේ විහාරස්ථානයෙන් ස්වාමින් වහන්සේලා වැඩම කරවා පැන් වැඩීම සිදුකර ආගමික වතාවත් සිදු කළා.
මරණයට හේතුව සෙවීම සඳහා පේරාදෙනිය විශ්ව විද්‍යලයේ පශු වෛද්‍ය පීඨයේ වෛද්‍යවරුන් විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළා.