සේවා කාලය අවසන් කර දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ඕමාන තානාපති ජුමා හම්ඩාන් හසන් අල්මලික් අල්ෂෙහි මහතා ඊයේ (04) කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවී තිබෙනවා.
ඉන්ධන, ගෑස් සහ ආයෝජන අවස්ථා ආදිය සම්බන්ධයෙන් දෙරට අතර ද්විපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගැනීමට සහාය වන බව ඕමාන තානාපතිවරයා මෙහිදී පැවසීය.
එසේම ශ්‍රී ලංකා- ඕමාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංසදය හරහා දෙරට අතර සබදතා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. වසර 08ක සේවා කාලය තුළ ඕමාන තානාපතිවරයා ශ්‍රී ලංකාවට ලබාදුන් සහාය පිළිබඳවද කථානායකවරයා සිය කෘතවේදීත්වය පළ කළේය.
පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.