ආර්ථික මධ්‍යස්ථානවල එළවළු සහ පළතුරු ප්‍රවාහනය කරන ලොරි රථවලට යුද හමුදා කදවුරු හරහා ඉන්ධන නිකුත් කිරීම අද ආරම්භ කෙරුණා.
ආර්ථික මධ්‍යස්ථානවල එළවළු සහ පළතුරු ප්‍රවාහනයට යොදා ගන්නා ලොරි රථවලට යුද හමුදාව හරහා ඉන්ධන නිකුත් කිරිමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ඊයේ ප්‍රකාශ කළා. ඒ අනුව එම වැඩපිළිවෙල දැන් ක්‍රියාත්මකයි.
නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ සිට කොළඹ ඇතුළු අනෙකුත් ප්‍ර දේශවලට දිනපතා එළවළු ප්‍රවාහනය කරන ලොරි රථවලට යුද හමුදාවේ නුවරඑළිය පිහිටි තුන්වන සිංහ රෙජිමේන්තු කදවුරෙන් ඩීසල් නිකුත් කිරීම ආරම්භ කෙරුණා.
ඉන්ධන අවශ්‍යකරන ලොරි රථ පිළිබද ලේඛණයක් යුද හමුදාව වෙත ආර්ථික මධ්‍යස්ථානය මගින් ලබා දී තිබෙනවා. තුන්වන සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් ප්‍රසන්න සංජීව බෝයගොඩ මහතකා සමග කළ සාකච්ඡාවකින් අනතුරුව මෙම ලොරි රථ සදහා සතියකට එක් දිනකදී ඩීසල් ලීටර් 3000ක් ලබාදීමට තීරණය කෙරුණා.