යුක්රේනයේ ස්නෙක් දූපතට රුසියා හමුදා පොස්පරස් බෝම්බ ප්‍රහාර එල්ල කර ඇති බවට චෝදනා එල්ල වනවා.
රුසියා හමුදාවට අයත් එස් යූ තිහ වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා යොදා ගනිමින් මෙම පොස්පරස් බෝම්බ පතිත කර ඇති බව පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා. අවස්ථා දෙකකදී මෙම බෝම්බ පතිත කරන ආකාරය වීඩියෝ දර්ශනවල සටහන්ව තිබුණා. පොස්පරස් බෝම්බ සිවිල් ජනතාවට එරෙහිව භාවිත කිරීම ජාත්‍යන්තර නීතිය යටතේ තහනම් වනවා. කෙසේ වෙතත් රුසියා හමුදා ස්නෙක් දුපතෙන් පසුබැසීමට මේ වන විට කටයුතු කර තිබෙනවා.