යුක්රේනයේ ලුහාන්ස්ක් ප්රාන්තයේ ඛණිජතෙල් පිරිපහදුවක කොටසක් මේ වන විට සිය භාරයට ගැනීමට රුසියාව සමත් වී තිබෙනවා.
යුක්රේනයේ ඔඩෙසා ප්රදේශයේ සිර වී සිටින සිවිල් ජනතාව මුදා ගැනීම සදහා මානුෂීය මෙහෙයුම් ආරම්භ වී තිබෙනවා. රුසියාවෙන් එල්ල වන රොකට් ප්රහාර හමුවේ එම කාර්යන් දුෂ්කර වී ඇති බවයි වාර්තා වන්නේ.
බටහිර රටවලින් එල්ල වන පීඩනය හමුවේ බෙලරුසියාව රුසියාව සමග එක් කර ගැනීම ඉදිරියේදී වේගවත් වන බව රුසියා ජනාධිපති ව්ලැඩ්මීර් පුටීන් සදහන් කර තිබෙනවා. බෙලරුසියාව සමග ආරක්ෂක සහයෝගීතාවක් ඇති කර ගැනීම ද රුසියාව පියවර ගත්තා.