fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලහිරු ඇතුළු 3 දෙනෙකුට ඇප

ITN News Editor
By ITN News Editor ජූලි 1, 2022 15:38

ලහිරු ඇතුළු 3 දෙනෙකුට ඇප

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැදවුම්කරු ලහිරු වීරසේකර ඇතුළු තුන්දෙනෙකු කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇපමත මුදා හැරුණා.

පසුගියදා පොලිස් මූලස්ථානය ඉදිරිපිට සහ තලංගම ප්‍රදේශයේදී නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් වෙමින් රජයේ දේපළවලට හානි කළ බවට වන චෝදනා මත මොවුන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියා.

ඒ අනුව ලහිරු විරසේකර, රතිදු සේනාරත්න නොහොත් රැට්ටා, සහ සිසුජන ව්‍යාපාරයේ කැදවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි අද මුදා හැරුණේ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මතයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 9 දෙනෙකු නම් කර තිබුණා. ඉන් 7 දෙනෙකු පසුගියදා මරදාන පොලිසියට භාර වුණා. ඉන් 4 දෙනෙකු මීට පෙර ඇප මත මුදා හැරුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 1, 2022 15:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්