සියලු වෙළෙද භාණ්ඩවල ඇසුරුමෙහි මිල, බර, ඇතුළු තවත් තොරතුරු කිහිපයක් ඇතුළත් කිරීම අනිවාර්ය කරමින් පාරිභෝගික අධිකාරිය විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා.
පාරිභෝගිකයා සිල්ලර මිලට මිලදී ගන්නා සියලු වෙළෙද භාණ්ඩවල ඇසුරුමෙහි පැහැදිලිව පෙනෙන ලෙස භාණ්ඩයේ මිල බර හෝ පරිමාව නිෂ්පාදිත දිනය ඇසුරුම් කළ දිනය කල් ඉකුත්වන දිනය නිෂ්පාදකයාගේ නම සහ ලිපිනය ආනයනය කළ භාණ්ඩයක් නම් ආනයනකරුගේ විස්තර සටහන් කර තිබිය යුතුයි.