ඝාතන සිද්ධියකට අදාළව මාතර මහාධිකරණය පුද්ගලයන් 06 දෙනෙකුට මරණ දඩුවම නියම කළා.
2000 වසරේ නොවැම්ර් 14 වනදා දෙවුන්දර දේවාලය ඉදිරිපිටදී පුද්ගලයන් 05 දෙනෙකු වෙඩි තබා ඝාතනය කෙරුණා. ඊට අදාළ නඩු විභාගය වසර ගණනාවක් පැවැත්වුණා. සිද්ධියට අදාළව සැකකරුවන් 15 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබුණා. ඒ අතුරින් 04 දෙනෙකු මිය ගොස් තිබුණා.
තවත් 05 දෙනෙකු නිදොස්කොට නිදහස් කර තිබෙනවා. චෝදනාවලට වැරදිකරුවන් වූ පුද්ගලයන් 06 දෙනෙකුට මරණ දඩුවම නියම කිරීමටයි මාතර මහාධිකරණ විනිසුරු චාමර තෙන්නකෝන් මහතා තීරණය කළේ.