මෙරට ආර්ථික ගැටලුවට විසදුම් සෙවීම සදහා සහාය වන බවට ඇමෙරිකාව සහතික වුණා.
ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති ජූලි චන්ග් මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවේ මේ බව අවධාරණය කෙරුණා.
මෙම හමුව පැවැත්වුණේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදීයී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගෙන තිබෙන සබදතාව ශක්තිමත්ව පවත්වාගෙන යාමට ඇමෙරිකාව සහාය ලබා දෙන බවට එරටින් පැමිණි ඉහළ පෙලේ රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස සදහන් කළා.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මහතාද අවස්ථා කිහිපයකදීම මානුෂීය ආධාර ලබාදීමට පියවර ගත්තා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකගතාව වෙනුවෙන් සහ මානුෂීය ආධාර ලබාදෙමින් ඇමෙරිකා ජනාධිපතිවරයා මෙරටට ලබා දෙන සහාය පිළිබද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය ප්‍රසාදය පල කළා.
ශ්‍රී ලංකාව මුහුණදී සිටින වත්මන් තත්ත්වය පිළිබද අවබෝධයෙන් පසුවන බවත් රට කඩිනමින් යථාතත්ත්වයට පත්වෙනු ඇතැයි තමා විශ්වාස කරන බවත් ඇමෙරිකා තානාපතිවරිය මෙහිදී කියා සිටියා.