ශ්‍රී ලංකාවට අඛණ්ඩව මාස 4 ක් ගෑස් සැපයීම සදහා මූල්‍යාධාර ලබා ගැනීමට ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ලෝක බැංකුව සමග ගිවිසුම් අත්සන් කර තිබෙනවා.
අදාල ගිවිසුම අනුව ලිට්රෝ සමාගම ගෑස් මෙට්‍රික්ටොන් ලක්ෂයක් ලබා ගැනීමට නියමිතයි. ඇමෙරිකා ඩොලර් මිලියන 90 ක් වටිනා මෙම ගෑස් තොගය සදහා ලෝක බැංකුව ඩොලර් මිලියන 70 ක් සපයනු ලබන අතර ඉතිරි ඩොලර් මිලියන 20 ලිට්රෝ සමාගම ලබාදීමට නියමිතයි.
මෙසේ ගෙන්වන ගෑස් තොගයෙන් සියයට හැත්තෑවක් ගෘහස්ථ පාරිභෝගිකයින්ට ලබාදෙන අතර ඉතිරි සියයට තිහ වානිජ භාවිතය සදහා ලබාදීමට අපේක්ෂා කරන බවයි ලිට්රෝ සමාගම පවසන්නේ.
ඇමෙරිකා ඩොලර් මිලියන 20 ක වියදමින් ලිට්රෝ සමාගම ලබා ගන්නා ගෑස් ටොන් තිස්තුන්දහසක මුලික තොගය ලබන මස මුල් සතියේ මෙරටට ලැබීමට නියමිතයි.