ගමේ ජනතාව එක් වී හොරොව්පොතාන බස් නැවතුම්පොළ ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහනක් ආරම්භ කළා.
වළවල් සෑදී වසර ගණනාවක් අබලන්ව පැවති හොරොව්පොතාන බස් නැවතුම්පොළ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම සදහා ප්‍රදේශයේ ජනතාව පෙරමුණ ගත්තා.
වැසි දිනවලදී මෙම බස් නැවතුම්පොළ මඩ වගුරක් ලෙසටයි දිස් වන්නේ. ප්‍රදේශයේ දානපතීන්ගේ සහාය ඇතිව මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරුණා.
බොහෝ දානපතීන් තමන්ට හැකි අයුරින් මේ සදහා අනුග්‍රහය දැක්වූයේ වසර ගණනාවකට පසු බස් නැවතුම්පොළ ප්‍රතිසංස්කරණය කිරීමේ දැඩි අවශ්‍යතාව හේතුවෙනුයි.