ඇමෙරිකාවේ ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ 8 හැවිරිදි පිරිමි දරුවෙකු අත තිබූ ගිනි අවියක් අත්වැරද්දකින් ක්‍රියාත්මක වීමෙන් බිළිදියක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
තම පියාගේ ගිනි අවිය සමග සෙල්ලම් කරමින් සිටියදීයි මෙම අනතුර සිදුව ඇත්තේ. එමෙන්ම ඔවුන් සමග සිටි තවත් කුඩා ගැහැණු දරුවෙකු වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බව වාර්තා වනවා.
45 හැවිරිදි රොඩ්රික් රැන්ඩල් නමැති එම දරුවන්ගේ පියා නොසළකා හැරීම නීති විරෝධීව ගිනි අවියක් ළග තබා ගැනීම හා සාක්ෂි වසන් කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කරන්නේ.
ඔහුට අපරාධ චෝදනා රැසක්ද තිබෙන බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා. දරුවන්ගේ මව නිදා සිටි අවස්ථාවේදීයි මෙම සිදුවීම සිදුව තිබෙන්නේ.
මියගිය බිළිදාගේ වයස අවරුදු එකක් වන අතර එම දරුවා හරහා ගිය වෙඩි උණ්ඩය අනෙක් දරුවාට වැදී තිබෙනවා.