fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දුම්රිය ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය

ITN News Editor
By ITN News Editor ජූනි 28, 2022 09:03

දුම්රිය ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය

දුම්රිය ගාස්තු සංශෝධනයට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

ශ්‍රී ලංකා දුම්රිය සේවය සහනදායී ගාස්තු ක්‍රමයක් අනුගමනය කරන අතර මෑතකාලීනව ඉන්ධන මිල ඉහළ යාම මත දුම්රිය දෙපාර්තමේන්තුවට තවදුරටත් පාඩු ලැබීමට සිදුව තිබෙනවා. ඉහළ යමින් පවතින පාඩුව පියවාගනිමින් සතුටුදායක දුම්රිය සේවාවක් පවත්වාගෙන යාමට හැකිවන පරිදි එම දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළ ලනංවාගැනීම අත්‍යවශ්‍ය වී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත්තේ.

ඒ අනුව වසර ගණනාවක් තුළ සංශෝධනයට ලක් නොකළ දුම්රිය මගී ප්‍රවාහන ගාස්තු සංශෝදනය කිරීම සදහා මෙන්ම වෙනත් භාණ්ඩ ප්‍රවාහන ගාස්තු සංශෝධනයට ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළා.

 

ITN News Editor
By ITN News Editor ජූනි 28, 2022 09:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්