fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කෝප් කමිටුව හමුවේ අනාවරණය වන කිසිදු කරුණක් සඟවන්නේ නැහැ – චරිත හේරත්

ITN News Editor
By ITN News Editor ජූනි 25, 2022 20:15

කෝප් කමිටුව හමුවේ අනාවරණය වන කිසිදු කරුණක් සඟවන්නේ නැහැ – චරිත හේරත්

කෝප් කමිටුව හමුවේ අනාවරණය වන කිසිදු කරුණක් සැගවීමට කටයුතු නොකරන බව එම කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා ට්විටර් පණිඩුයක් නිකුත් කරමින්  ප්‍රකාශ කරනවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එම් එම් සී ෆර්ඩිනෑන්ඩු මහතා කෝප් කමිටුව හමුවේ යළිත් සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයට අදාළ වීඩියෝ දර්ශන මාධ්‍යයට  නිකුත් නොකිරීමට එම කමිටුව ගත් තීරණය සැක සහිත බවට විපක්ෂ නායකවරයා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පිළිතුරු දෙමිනුයි කෝප් කමිටු සභාපතිවරයා මේ බව ප්‍රකාශ කලේ.

පසුගිය 10 වනදා ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැදවා තිබුණා. සුළං බලාගාර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් පළකළ ලංකා විදුලිබල මණ්ඩලයේ එවකට සභාපති එම් එම් සී ෆර්ඩිනෑන්ඩු මහතා එහිදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළා.

තමන් කළ ප්‍රකාශය ඉවත්කර ගැනීම සම්බන්ධයෙන් යොමු කර තිබූ ලිපිය පිලිබදව සාකච්ඡා කිරීමටයි සභාපති ධුරයෙන් ඉල්ලා අස්වූ එම් එම් සී ෆර්ඩිනෑන්ඩු මහතා කෝප් කමිටුව හමුවට පසුගිය 23 වනදා යළි කැදවා තිබුණේ.. එහිදී  ඒ මහතා සදහන් කර සිටියේ පසුගිය 10 වනදා තමන් කළ ප්‍රකාශය වැරදි සහගත බවයි.  මෙහිදී හිටපු සභාපතිවරයා කළ ඉල්ලීම පිළිබද සලකා කෝප් කමිටුව හමුවේ ඔහු  කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනීම අනුමත කිරීමට දීර්ඝ සාකච්ඡාවකින් පසුව කෝප් කමිටුව අවසර ලබා දී තිබෙනවා. මෙම සාකච්ඡාව තුලදී තවත් කරුණු ගණනාවක් අනාවරණය කළා. කෙසේ වෙතත් එහිදී හිටපු සභාපති එම් එම් සී ෆර්ඩිනෑන්ඩු මහතා යළිත්  සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හේතුවෙන් ඊයේ කෝප් කමිටුවේ දර්ශන මාධ්‍ය වෙත නිකුත් නොකිරීමට කටයුතු කල බවයි එම කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා සදහන් කළේ.

මේ අතර මේ සම්බන්ධව අදහස් පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියාසිටියේ ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එම් එම් සී ෆර්ඩිනෑන්ඩු මහතා කෝප් කමිටුව හමුවේ යළිත් සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයට අදාළ වීඩියෝ දර්ශන මාධ්‍යයට  නිකුත් නොකිරීමට එම කමිටුව ගත් තීරණය සැක සහිත බවයි.

කෙසේවෙතත් සජිත් ප්‍රේමදාස මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා ට්විටර් පණිඩුයක් නිකුත් කර තිබෙනවා. කෝප් කමිටුව තුළ සාකච්ඡා වු කරුණු විපක්ෂ නායකවරයාට නිවැරදිව සන්නිවේදනය වී නොමැති බවයි එහි සදහන් කර ඇත්තේ.

සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරණ සමගි ජන බලවේගයේ සමාජිකයන්ද කෝප් කමිටුව නියෝජනය කරන බැවින් ඔවුන්ගෙන් නිවැරදි තොරතුරු ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි සභාපතිවරයා විපක්ෂනායකවරයාට අවධාරණය කරන්නේ. එමෙන්ම හෙලිදරව් වන  කිසිදු කරුණක් තමාගේ සභාපතිත්වයෙන් යුතු කෝප් කමිටුව කිසිවිටක සැග වීමට කටයුතු නොකරන බවද  එහි සදහන් . අදාළ විමර්ශන සහිත වීඩියෝ දර්ශන ලබන 27 වන සදුදා මාධ්‍යයට නිකුත් කරන බවද එම පණිවුඩයේ වැඩිදුරටත් දැක්වෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 25, 2022 20:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්