රන්මාල සහ යතුරුපැදි සොරකම් සම්බන්ධයෙන් සැකකරුවන් හතර දෙනෙකු බණ්ඩාරගම අටලුගම ප්රදේශයේ දී අත්අඩංගුවට ගැනුණා.
තලංගම පොලිසිය මගිනුයි මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ. සැකකරුවන් සතුව තිබූ හෙරොයින් සහ රුපියල් ලක්ෂ 25ක් පමණ වටිනා රන්මාල මෙන්ම යතුරු පැදි දෙකක්ද පොලිසිය අත්අඩංගුවට ගත්තා. බොරැල්ල, හෝමාගම, කළුතර, මාලඹේ, පිළියන්ද, පානදුර, කහතුඩුව, මත්තේගොඩ,කඩවත හා කැස්බෑව යන ප්රදේශවලදීයි මොවුන් සොරකම් සිදුකර තිබෙන්නේ.