මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යූහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හදුන්වා දීමටත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.
මෙම වාර්තාව ඉදිරිපත් කෙරුණේ එම විශේෂ කාරක සභාවේ සභාපති අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී අදහස් දැක් වූ සභාපතිවරයා කියා සිටියේ පළාත් සභා මැතිවරණය පවතින නිති සංශෝධනය කර හෝ නව නීති ගෙන ඒමෙන් හෝ පැරණි ඡන්ද ක්‍රමය යටතේ හෝ පැවැත්විය යුතු බවයි.
මිශ්‍ර ඡන්ද ක්රමයක අවශ්‍යතාවද මෙම වාර්තාවෙන් පෙන්වා දෙනවා. කාන්තා නියෝජනයට අතිරේකව තරුණ නියෝජනය සහතික කිරීම ඇතුළු කරුණු රැසක් මෙම වාර්තාවෙන් පෙන්වා දි තිබෙනවා.