fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකා සෙනෙට් සභාව ගිනි අවි පාලන පනත් කෙටුම්පතක් සම්මත කරගනී

ITN News Editor
By ITN News Editor ජූනි 24, 2022 18:18

ඇමෙරිකා සෙනෙට් සභාව ගිනි අවි පාලන පනත් කෙටුම්පතක් සම්මත කරගනී

ඇමෙරිකා එක්සත් ජනපද සෙනෙට් සභාව ගිනි අවි පාලන පනත් කෙටුම්පතක් සම්මත කර ගත්තා.

ගිනි අවි හේතුවෙන් සිදුවන ප්‍රචණ්ඩත්වය පිටුදැකීම සඳහායි මෙම පනත් කෙටුම්පත සම්මත කර ගැනුණේ.ගිනි අවි පාලන පනත් කෙටුම්පත සම්මත කර ගැනීම ඇමෙරිකාව ගිනි අවි සම්බන්ධයෙන් දශක තුනකට ආසන්න කාලයක් තුල ගත් වැදගත්ම තීරණය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ සඳහා ඩිමොක්‍රොටික් පක්ෂයේ සෙනෙට් සභිකයන් 50 දෙනාම සහ රිපබ්ලිකන් පක්ෂයේ සභිකයන් 15 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. පසුගිය මාසයේ නිව්යෝර්ක් නුවර සුපිරි වෙළෙඳසැලක සහ ටෙක්සාස් හි ප්‍රාථමික පාසලක සිදුවූ වෙඩි තැබීම්වලින් 31 දෙනෙකු මිය යාමත් සමඟ ගිනි අවි සම්බන්ධ නීති සංශෝධනයට ඇමෙරිකාවේ අවධානය යොමුවුනා. ඒ අනුව මෙම කෙටුම්පත සම්මත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 24, 2022 18:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්