fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලක්ෂ 85ක ධීවර ආම්පන්න සොරාගත් 10 දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූනි 23, 2022 15:08

ලක්ෂ 85ක ධීවර ආම්පන්න සොරාගත් 10 දෙනෙකු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ අසූපහක් වටිනා ධීවර ආම්පන්න සොරාගත් සැකකරුවන් දස දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කල්පිටිය පොලිස් බල ප්‍රදේශයේ ස්ථාන කිහිපයකින් ජල මෝටර් නවයක්, බෝට්ටු එන්ජින් දෙකක්, බෝට්ටු එන්ජින් සදහා යොදා ගන්නා ෆෑන් හතරක්, ඊයම් කිලෝ 25 ක් ඇතුළු භාණ්ඩ තොගයක් මෙසේ පැහැරගෙන ගොස් තිබුණා.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළ කල්පිටිය පොලිසිය එම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවා.

මොවුන් අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් බවයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වුණේ. සැකකරුවන් සම්බන්ධයෙන් තවදුරටත් පොලිස් විමර්ශන ක්‍රීයාත්මකයි.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 23, 2022 15:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්