ජනතාව ආපදාවලින් ආරක්ෂා කර ගැනීමට සිවිල් සංවිධාන ජාලයක්
Related Articles
මෙරට ජනතාව ආපදාවලින් ආරක්ෂා කර ගැනීම සදහා ප්‍රජා ශක්තිය ඉහළ නංවාලීම සදහා වන ශ්‍රී ලංකා ක්‍රියාකාරී සිවිල් සංවිධාන ජාලය පිහිටුවීම පසුගියදා සිදු වුණා.
ආපදා අවස්ථාවකදී මෙරට සිවිල් සංවිධාන සුවිශාල කාර්ය භාරයක් ඉටු කරනවා. එම ප්‍රජාව සවිබල ගැන්විම සදහායි නව ක්‍රියාකාරී සිවිල් සංවිධාන ජාලය ක්‍රියාවට නැංවුණේ.
ඒ සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ශ්‍රී ලංකා වානිජ මණ්ඩලය හා ජන තාක්ෂණ ආයතනය පුරෝගාමීව කටයුතු කරනවා. නව සංවිධාන ජාලය පිහිටුවීම ආපදා කළමනාකරණ මධ්‍යස්තානයේදී සිදු වූනා.
එම ආයතනයේ අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් විශ්‍රාමික සුදන්ත රණසිංහ, ශ්‍රී ලංකා වානිජ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සහකාර මහ ලේකම් චන්ද්‍රරත්න විතානගේ, ජන තාක්ෂණ ආයතනයේ විධායක අධ්යක්ෂ ජනක හේමතිලක, අධ්යක්ෂ ගෝතමී චන්ද්‍රරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු විද්වතුන් පිරිසක් ඊට එක්ව සිටියා.