රතන හිමිගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්
Related Articles
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශයක් පිළිබද විමර්ශනයක් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
මෛත්‍රීපාල සිරිසේන මහතා රූපවාහිනි වැඩසටහනකදී ප්‍රකාශ කර තිබුණේ මරණ දඩුවමට ලක්ව සිටි ජූඩ් ශාමන්ත යන අය නිදහස් කිරීමට අතුරලියේ රතන හිමියන් උනන්දුවක් දැක් වූ බවයි. ඔහුගේ පවුලෙන් මුදල් ලබාගෙන ඇති බවටද සිරිසේන මහතා ප්‍රකාශ කර ඇති බවයි රතන හිමියන් පවසන්නේ.
මෙම ප්‍රකාශය පිළිබද පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව එම පැමිණිල්ල භාර දී නැවත පැමිණෙන අවස්ථාවේ රතන හිමියන් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා.