fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමති ජී එලුයි නවසීලන්ත විදේශ ඇමතියි IMF ගැන කතාබහක

ITN News Editor
By ITN News Editor ජූනි 23, 2022 13:07

ඇමති ජී එලුයි නවසීලන්ත විදේශ ඇමතියි IMF ගැන කතාබහක

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව විදේශ කටයුතු අමාත්‍ය ජී එල් පීරිස් මහතා හා නවසීලන්තයේ විදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍ය නනායා මාහුටා මහත්මිය අතර හමුවක් රුවන්ඩාවේදී පැවැත්වුණා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මේ වනවිට පැවැත්වෙන මාණ්ඩලික මට්ටමේ සාකච්ඡා පිළිබද අමාත්‍ය ජී එල් පීරිස් මහතා නවසීලන්ත විදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යවරිය දැනුවත් කළා.

ආහාර ඉන්ධන සහ ඖෂධ සැපයීම සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික පරිත්‍යාගශීලීන්ගෙන් මෙන්ම බහුපාර්ශ්වික ආයතනවලින් මෙරටට ලැබෙන සහයෝගය පිළිබදවද නවසීලන්ත විදේශ කටයුතු අමාත්‍යවරිය දැනුවත් කිරීමටයි කටයුතු කෙරුණේ.

නවසීලන්තයේ සහ පොදුරාජ්‍ය මණ්ඩලයේ සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් පවත්නා හැකියාව සොයා බැලීමට නවසීලන්ත විදේශ අමාත්‍යවරිය මෙහිදී එකගතාව පළ කළා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 23, 2022 13:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2022

logo