බස් රථයක් ගිලා බැසීමෙන් පාසල් සිසුන් ඇතුළු විශාල පිරිසක් අපහසුතාවට
Related Articles
අයගම කිරිඇල්ල මාර්ගයේ බස් රථයක් ගිලා බැසීමට ලක්වීමෙන් පාසල් සිසුන් ඇතුළු විශාල පිරිසක් අපහසුතාවට පත් වුණා.
අයගම කිරිඇල්ල මාර්ගයේ පහළ ගලතුර එකේ කණුව ප්රදේශයේදී ඇගළුම් සේවිකාවන් ප්රවාහනය කරමින් තිබූ බස් රථයක් මාර්ගයේ ගිලා බැසීමට ලක්වීමෙන් ප්රවාහන කටයුතු මුළුමනින්ම අඩාල වුනා.
මේ හේතුවෙන් පාසල් සිසුන් මෙන්ම රැකියා සදහා ගමන් කරමින් සිටි පිරිස්ද දැඩි අසීරුතාවකටයි පත් වුණේ. මෙම මාර්ගය සංවර්ධනය කිරීම සදහා අඩි හයක් පමණ උසට පස් දමා තිබූ අතර ප්රමිතියෙන් තොරව මාර්ගයේ කැණීම් ද සිදුකර තිබූ බවයි ප්රදේශවාසීන් පවසන්නේ.
සංවර්ධන කටයුතු අතරමග නතර කිරීම හේතුවෙන් මෙම ප්රවාහන දුෂ්කරතා ඇති වී තිබෙන බවයි ප්රදේශවාසීන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.