ණය ආධාර ගැන තීරණයක් ගන්න ඉන්දීය දූත පිරිසක් දිවයිනට
Related Articles
ශ්‍රී ලංකාවට තවදුරටත් ආධාර ලබාදීම පිළිබද කරුණු සොයා බැලීම සදහා එරට විදේශ ලේකම් ඇතුළු ඉහළ පෙළේ දූත පිරිසක් අද දිවයිනට පැමිණියා.
මෙම දූත පිරිස අද දිනයේදී මෙරට ජනපති අගමැති ඇතුළු ඉහළ පෙළේ නියෝජිතයන් හමුවීමට ද නියමිතව තිබෙනවා.
ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී විනේ කුවෙත්රා මහතා ඇතුළු දූත පිරිස ඉන්දීය ගුවන් සේවයට අයත් යානයකින් අද පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියා.
ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ඇතුළු පිරිසක් ගුවන්තොටුපොල වෙත පැමිණ සිටියා. මෙරට වත්මන් තත්ත්වය විසදීම සදහා සහාය ලබාදීමේ අරමුණින් ඉන්දීය නියෝජිතයින් පිරිසක් දිවයිනට පැමිණෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද ඊයේ පාර්ලිමේන්තුවේදී සදහන් කළා.
ඉන්දීය විදේශ ලේකම් සමග අදාළ දූත පිරිසට ආර්ථික කටයුතු පිළිබද ලේකම් අජෙයි සෙත් ඉන්දීය රජයේ ප්‍රධාන ආර්ථික උපදේශක වී අනන්ත නාගේෂ්වරන්, ඇතුළු ඉහළ පෙළේ නියෝජිතයන් කිහිප දෙනෙකු අයත් වනවා.
මේ අතර ඉන්දීය තමිල්නාඩු ජනතාව පරිත්‍යාග කරන ලද මානුෂීය ආධාර රැගත් නෞකාවක් ශ්‍රී ලංකාව වෙත පිටත් කර තිබෙනවා. ඊයේ දිනයේදී මෙම නෞකාව ඉන්දියාවෙන් පිටත්ව ඇති අතර සහල්, කිරිපිටි, ඖෂධ, ඇතුළු ටොන් 1500 ක ආධාර තොගයක් ඊට ඇතුළත්.