භූ කම්පනයෙන් සිදු වූ විශාල හානියත් සමග තම රටට සහාය දැක්වීමට එක්වන්නැයි ඇෆ්ගන් රජය ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.
ඊයේ සිදු වූ මෙම භූ කම්පනයෙන් දහසකට අධික පිරිසක් මිය ගියා.
ඇෆ්ගනිස්ථානයේ ඊයේ සිදු වූ මෙම භූ කම්පනය රිච්ටර් මාපකයේ සටහන් වූයේ හයයි දශම එකක් ලෙසයි. ඉන් දහසකට අධික පිරිසක් මියගොස් 1500 කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා. නිවාස සහ පස් කදු කඩාවැටීමෙන් වැළලුනු පිරිස කොතෙක්ද යන්න මෙතෙක් ගණන් බලා නැහැ.
මෙම විනාශයත් සමග ඇෆ්ගන් රජය ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටින්නේ ජනතාවට සහන සැලසීම සදහා තමන්ට සහාය වන ලෙසයි.