අද දින මෙරටට පැමිණීමට නියමිතව තිබූ පෙට්‍රල් නැව දිනකින් ප්‍රමාද වන බව ඛනිජ තෙල් අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් හතළිස් දහසක් රැගත් නෞකාවක් අද පෙරවරුවේ දිවයිනට ළගාවීමට නියමිතව තිබුණා. එහෙත් මෙම නැව දිනකින් ප්‍රමාද වන බවයි ඛනිජ තෙල් අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කරන්නේ. අද සහ හෙට පෙට්‍රල් බෙදා හැරීම සීමාසහිතව සිදු කෙරෙන බවද ඔහු සදහන් කරනවා.
මේ අතර ඔටෝ ඩීසල් දිවයින පුරා බෙදා හැරීම පූර්ණ ධාරිතාවකින් යුතුව සිදු කෙරෙන බවයි අමාත්‍යවරයා පවසන්නේ. කෙසේ වෙතත් සුපර් ඩීසල් බෙදා හැරීම සීමාසහිතව සිදු කෙරෙන බවද අමාත්‍යවරයා සිය ට්විටර් පණිවුඩය මගින් තවදුරටත් සදහන් කරනවා.