අද ප්‍රදේශ කිහිපයකට වැසි
Related Articles
අද දිනයේත් ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්වලත් මෙසේ වැසි ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. ඌව පළාතේ හා අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවීමේ ඉඩකඩ පවතිනවා.
ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ඇතිවීමේ අවදානමක් සහ අකුණු අනතුරු ඇතිවීමේ අවදානමක්ද පවතින බැවින් ජනතාව ඒ සදහා සැළකිලිමත්වීම වැදගත් බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් පවසන්නේ.