අමරකීර්ති අතුකෝරළ ඝාතන සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට
Related Articles
පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාගේ සහ ඔහුගේ ආරක්ෂකයා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂකයා ඝාතනය කිරීමේ සිද්ධියේ පරීක්ෂණ සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අංශ කිහිපයක් ඔස්සේ සිදුකළ විමර්ශනවලින් අනතුරුවයි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
ඔහු ගම්පහ ප්‍රදේශයේ පදිංචි තිස් දෙහැවිරිදි පුද්ගලයෙක්. සැකකරු අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බව පොලිසිය පවසනවා. මැයි 9 වනදා ගාලුමුවදොර සහ කොල්ලුපිටිය ආශ්‍රිතව ඇති වූ ගැටුම්කාරී තත්ත්වයන්ගෙන් පසු සිදු වූ කලහකාරී සිද්ධීන් අතරතුර නිට්ටඹුව ප්‍රදේශයේදි පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂකයා ඝාතනයට ලක් වුණා.
ඒ සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවලදී මේ වන විට සැකකරුවන් තිස් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.