fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රැට්ටා,ලහිරු,ජෙහාන්,ජගත් ඇතුළු 7 ක් රක්ෂිත බන්ධනාගාරයට

ITN News Editor
By ITN News Editor ජූනි 22, 2022 22:03

රැට්ටා,ලහිරු,ජෙහාන්,ජගත් ඇතුළු 7 ක් රක්ෂිත බන්ධනාගාරයට

පසුගිය 09 දා කොටුව පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධාතවක නිරත වී මහජන දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 7 දෙනා ලබන 1 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ සැකකරුවන් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවට අද පස්වරුවේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

රක්ෂිත බන්ධනාගාරගත කළ සැකකරුවන් අතර සමාජ මාධ්‍ය ක්‍රියාකාරී රතිදු සේනාරත්න හෙවත් රැට්ටා , ධම්මික මුණසිංහ , ලහිරු වීරසේකර ,පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමි ,ජගත් මනුවර්ණ ,එරංග ගුණසේකර හා ජෙහාන් අප්පුහාමි යන අය සිටිනවා.

ඔවුන් අද පස්වරුවේ ඔවුන් මරදාන පොලිස් ස්ථානයට පැමිණ භාර වුණා.

ITN News Editor
By ITN News Editor ජූනි 22, 2022 22:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2022

logo