fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

“සාමය මනුෂ්‍ය වර්ගයාගේ පොදු අපේක්ෂාවක්” චීන ජනපති කියයි

ITN News Editor
By ITN News Editor ජූනි 22, 2022 21:11

“සාමය මනුෂ්‍ය වර්ගයාගේ පොදු අපේක්ෂාවක්” චීන ජනපති කියයි

සාමය මනුෂ්‍ය වර්ගයාගේ පොදු අපේක්ෂාවක් බව බ්‍රික්ස් ව්‍යාපාරික සංසදයේ සමාරම්භක උත්සවයට එක්වෙමින් චීන ජනපති කියයි.

චීන ජනාධිපති බ්‍රික්ස් ව්‍යාපාරික සංසදයේ සමාරම්භක උත්සවයට එක්වෙයි.

අද (22) සවස බ්‍රික්ස් ව්‍යාපාරික සංසදයේ සමාරම්භක උත්සවයට වීඩියෝ ආකාරයෙන් සහභාගී වූ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා  “කාලයේ ප්‍රවණතාව ග්‍රහණය කරගනිමින් දීප්තිමත් අනාගතයක් නිර්මාණය කිරීම” යන මැයෙන් ප්‍රධාන දේශනයක් පැවැත්වීය.

ජනාධිපතිවරයා පැවසුවේ ඉතිහාසය අපට පවසන්නේ, සාමය මනුෂ්‍ය වර්ගයාගේ පොදු අපේක්ෂාවක් වන අතර සෑම පාර්ශ්වයක්ම ඒ වෙනුවෙන් උත්සාහ කිරීම සහ එය පවත්වාගෙන යාම අවශ්‍ය වන බවයි.

සෑම කෙනෙකුම සාමය අගය කර, සාමය ආරක්ෂා කරනවිට සහ යුද්ධයේ කටුක පාඩම් සිහිපත් කරනවිට පමණක් සාමයට බලාපොරොත්තුවක් තිබිය හැකිය. කැළඹිලි සහිත ලෝකය, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මුල් අභිප්‍රාය අමතක නොකළ යුතු අතර සාමය ආරක්ෂා කිරීමේ මෙහෙවර මනසේ තබා ගත යුතු යැයි ෂී ජින් පිං ජනාධිපතිවරයා පැවසීය.

ඉකුත් ශතවර්ෂය තුළ ලෝකයේ ඇතිවූ වෙනස්කම් සහ සියවසේ වසංගත තත්ත්වය එකිනෙකට බැඳී ඇති වර්තමානයේදී, විවිධ ආරක්ෂක අභියෝග එකින්එක මතුවෙමින් තිබේ. ලෝකය ආර්ථික ප්‍රකෘතිය උදෙසා අරගල කර මින්සිටී. ගෝලීය සංවර්ධනයද බරපතල පසුබෑමකට ලක්ව ඇත. ජාත්‍යන්තර තත්ත්වය වෙනස් වුවද, විවෘතවීමේ සහ සංවර්ධනයේ ඓතිහාසික ප්‍රවණතාව හෝ අභියෝගවලට මුහුණදීම සඳහා එකට වැඩ කිරීමේ ආශාව වෙනස් නොවනු ඇත. අභියෝගවලට මුහුණදී නිර්භීතව ඉදිරියට යායුතු යැයි චීන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

නව යුගයේ සංවර්ධනය අත්පත් කරගනිමින්, සියලු රටවල ජනතාවට ප්‍රතිලාභ ලබාදියයුතු යැයි ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.

ITN News Editor
By ITN News Editor ජූනි 22, 2022 21:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2022

logo