අග්නිදිග ආසියා තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් ජනපති හමුවෙයි
Related Articles
අග්නිදිග ආසියානු කලාපයට අයත් තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වුණා.
කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ පැවති මෙම හමුවේදී වත්මන් ආර්ථික අර්බුදය විසදා ගැනීමට ආසියානු කලාපයේ රටවලින් ශ්‍රී ලංකාවට ලබා දුන් සහ ලබා දෙන සහාය ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් වුණා. ශ්‍රී ලංකාව සහ කලාපයේ රටවල් අතර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය, ආයෝජන අවස්ථා, කෘෂිකර්මාන්තය නගාසිටුවීම, අධ්‍යාපනය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබදව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දූත මණ්ඩල ප්‍රධානීන් දැනුවත් කළා.
අග්නිදිග ආසියා කලාපයේ රටවලට මෙරටින් අපනයනය කළ හැකි ද්‍රව්‍ය හා භාණ්ඩ පිළිබදවද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. මියන්මාර තානාපති හැන්තු මැලේසියානු මහකොමසාරිස් ටෑන් යැන්ග්තායි, වියට්නාම තානාපති හෝ තී තන්හ් ට්‍රක්, තායිලන්ත තානාපති පොජ් හාන්පෝල්, ඉන්දුනීසියානු තානිපති දෙවි ගස්ටිනා ටොබින්ග්, යන මහත්ම මහත්මීන් මීට එක්ව සිටියා.