fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජ්‍ය හා අනෙකුත් ආයතන සඳහා මහජන දත්ත ඩිජිටල් කිරීමේ ක්‍රමවේදයක්

ITN News Editor
By ITN News Editor ජූනි 22, 2022 18:11

රාජ්‍ය හා අනෙකුත් ආයතන සඳහා මහජන දත්ත ඩිජිටල් කිරීමේ ක්‍රමවේදයක්

රාජ්‍ය හා අනෙකුත් ආයතන සඳහා ලබා දෙන උප්පැන්න විවාහ සහ අධ්‍යාපනික සහතික ඒකාබද්ධ කිරීමේ ක්‍රමවේදයක් සකස් කරමින් තිබෙන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වියානි ගුණතිලක මහතා පවසනවා.

ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන විදේශ ගමන් බලපත්‍ර ඡායාරූපයේ ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවක් අද  පැවැත්වුණා. විදේශ ගමන් බලපත්‍ර ඡායාරූප ශාලා හරහා ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ යොමු කිරීම සිදුවනවා. එහෙත් 2019 වසරේ සිට මෙම ඡායාරූප යොමු කිරීමේ පරිගණක මෘදුකාංග අක්‍රිය වීම හේතුවෙන් වරින් වර ගැටලු සහගත තත්ත්වයන් ඇතිකළා. ජාතික හැදුනුම්පත ද  ඉදිරියේදී ඩිජිටල්කරණයට ලක්කිරීමට නියමිත බවයි අද පැවති  මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අනාවරණය කෙරුණේ.

 

ITN News Editor
By ITN News Editor ජූනි 22, 2022 18:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2022

logo