පාකිස්තාන ජාතික ක්රිකට් කණ්ඩායම 2022 ජූලි මාසයේදී ශ්රී ලංකාවේ තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියකට සහභාගි වීමට නියමිතයි.
සංචාරය දින 3 ක පුහුණු තරඟයකින් ආරම්භ වේ.
මෙම තරඟාවලිය 2021 – 2023 ICC ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේයි පැවැත්වෙන්නේ.
පකිස්ථාන ජාතික කණ්ඩායම 2022 ජූලි 6 වන දින දිවයිනට පැමිණෙනු ඇති.
පාකිස්තානය අවසන් වරට ශ්රී ලංකාවේ සංචාරය කළේ 2015 වසරේදීයි.