fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වැඩිවන ඉන්ධන මිලට එරෙහිව ඉක්වදෝර ආදිවාසින් දැවැන්ත විරෝධතාවක

ITN News Editor
By ITN News Editor ජූනි 22, 2022 16:55

වැඩිවන ඉන්ධන මිලට එරෙහිව ඉක්වදෝර ආදිවාසින් දැවැන්ත විරෝධතාවක

වැඩිවන ඉන්ධන මිලට එරෙහිව ඉක්වදෝර ආදිවාසින් පිරිසක් එරට අගනුවරදී දැවැන්ත විරෝධතා හා පෙළපාලි සංවිධාන කර තිබෙනවා.

ඉක්වදෝරයේ ක්විටෝ අගනුවර මෙම විරෝධතා හා පෙළපාලි සංවිධාන කර ඇති අතර ටයර් පුළුස්සමින් ගස් අතුගිනි තබමින් ආදිවාසීන් එම විරෝධතාවල නිරත වනවා. විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ එරට රජයේ ආර්ථික සහ සාමාජීය ප්‍රතිපත්තිවලට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි.

කෙසේ වෙතත් විරෝධතාවට එක් වූ පිරිස් පාලනය කිරිමට කදුළු ගෑස් සහ ජල ප්‍රහාරද එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ. නිල නොවන වාර්තාසදහන් කරන පරිදි ගැටුම අතරතුර කිහිප දෙනෙකු මියගොස් ඇති බවටද සදහන් වනවා.

 

ITN News Editor
By ITN News Editor ජූනි 22, 2022 16:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2022

logo