fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

“මානව හිමිකම් භුක්ති විඳී‍මේදී යටත් විජිත උරුමයේ ඍණාත්මක බලපෑම” තේමාවෙන් වීඩියෝ සම්මන්ත්‍රණයක්

ITN News Editor
By ITN News Editor ජූනි 22, 2022 15:38

“මානව හිමිකම් භුක්ති විඳී‍මේදී යටත් විජිත උරුමයේ ඍණාත්මක බලපෑම” තේමාවෙන් වීඩියෝ සම්මන්ත්‍රණයක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 50වැනිසැසියේ දී, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා හී චීන නිත්‍ය දූත මණ්ඩලය, “මානව හිමිකම් භුක්ති විඳීමේ දී යටත් විජිත උරුමයේ ඍණාත්මක බලපෑම” යන තේමාවෙන් යුත් වීඩියෝ සම්මන්ත්‍රණයක් පවත්වයි.

රුසියානු නියෝජිතයන් එහිදී පෙන්වා දුන්නේ, බටහිර ජන පදිකයන් ඉතිහාසයේදී වහල් වෙළඳාම ප්‍රවර්ධනය කර ඇති අතර, එහි අහිතකර බලපෑම් වර්තමානය දක්වාම පවතින බවයි. මෙය පද්ධතිමය ජාතිවාදය සහ විජාතික භීතිකාව තුළ දක්නට ලැබෙන බව ඔවුහූ සඳහන් කරති.

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හා සෙසු ජාත්‍යන්තර සංවිධානවල චීනනියෝජිත Chen Xu තානාපතිවරයා පෙන්වා දුන්නේ, වර්තමාන කාලයේ යටත් විජිතවාදයෙ න්ශේෂ වී ඇති ගැටළු, ඒ ඒ රටවල විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල ජනතාවට මානව හිමිකම් භුක්ති විඳීමට තවමත් බරපතල බලපෑමක් බවයි.

මානව හිමිකම් කෙරෙහි එහි අහිතකර බලපෑම තුරන් කිරීමට මෙන්ම, ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය ආරක්ෂා කිරීමට, සියලු පාර්ශ්ව එක්ව කටයුතු කළ යුතු බව, Chen Xu මහතා එහිදී සඳහන් කළේය.

ITN News Editor
By ITN News Editor ජූනි 22, 2022 15:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2022

logo