fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චරිත් අසලංක සිය පළමු එක්දින ශතකය වාර්තා කරයි

ITN News Editor
By ITN News Editor ජූනි 21, 2022 19:29

චරිත් අසලංක සිය පළමු එක්දින ශතකය වාර්තා කරයි

ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා තීරණාත්මක සිව්වන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය මේ වන විට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 49 කදී සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 258ක්. මුල්පෙල පිතිකරුවන් තිදෙනෙකු අඩු ලකුණුවලට දැවී ගොස් තිබියදී ඉනිම ගොඩ නැගූ ධනංජය සිල්වා සහ චරිත් අසලංක ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු තත්ත්වය  ඉහළ දැමීමට කටයුතු කළා. අගනා ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක පන්දු 106 කදී ලකුණු 110 ක් රැස් කළා. ඊට එක් හයේ පහරක් සහ හතරේ පහර 10ක් ඇතුළත් ධනංජය සිල්වා ලබාගත් ලකුණු 60ට හතරේ පහර 7 ක් ඇතුළත් වුණා.

ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ නොසැලකිල්ල සහ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් වැඩි ලකුණු සංඛ්‍යාවක් කරා යාමට තිබූ අවස්ථාව ගිලිහී ගියා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 21, 2022 19:29

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2022

logo