පාලන මිලටත් වඩා අඩුවෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවවෙන් සහල්
Related Articles
පාලන මිලටත් වඩා සහන මිලට සහල් ලබා දීමේ වැඩපිළිවෙලක් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ක්‍රියාවට නංවා තිබෙනවා.
කොළඹ නගරයේ අඩු ආදායම් ලාභී පවුල් ඉලක්ක කර ගනිමින් සහන මිලට සහල් ලබා දීමේ වැඩපිළිවෙළ ආරම්භ කෙරුණා. එය තවදුරටත් පුළුල් කරමින් රාජ්‍ය ආයතනවල නිලධාරීන්ට හා සෙසු ජනතාවට ද සහන මිලට සහල් ලබා දීමටයි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත්තේ. එම වැඩපිළිවෙල වැලිසර පිහිටි සිවිල් ආරක්ෂක බලකා කදවුරු පරිශ්‍රයේදී ආරම්භ කෙරුණේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් රන්ජන් ළමාහේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන්. අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් උදේනි සේරසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. එම දෙපාර්තමේන්තුවේ වගා භූමිවලින් ලබා ගන්නා වී අස්වැන්න සහල් කර අසුරා මෙසේ ජනතාව අතට පත් කිරීම සිදුවනවා. වී වගාව තවදුරටත් ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති අතර එම සියලු වගාවන් කාබනික පොහොර භාවිතයෙන් සිදුකිරීම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අපේෂාවයි.